පාසල් ගීතය
සතර අඹර නිති දිදුලන දිවයුරු
ගොඩඋඩ මහ විදුහල් මාතා
සිරස තබමු ඔබේ සිරිපද මත
හද බැතිනි කරමු පිණිපා....
සුසැදුණු දරු කැළ ඔබෙගෙ පිනෙන්
හොබවතී නිසි රිසි තැන්
දෙස බස රැස සිය පණ නල මෙන්
සුරකිති සරු කරමින්....
සතර අඹර....
විදු සෙවනෙහි සරසවි රන්දා
සිසු මනසෙහි තිමිරය සින්දා
විදු සතරෙහි ජය දද බන්දා
වොරැදෙන අප මාතා
දිනෙත්වා සදාකල් සුදිලෙමින්
විදුමිණි පහනක් සේ
දිනෙත්වා විදුමිණි පහනක් සේ...//